මධ්‍යම පළාතේ මහනුවර මනරම් දුම්බර කදු පියසේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි දියණිවරුන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.
දුම්බර දිදුළවන අභිමානවත් බාලිකා පාසල
නව ලොව අභියෝගවලට මුහුණ දිය හැකි සමබර පෞරුෂයකින් හෙබි බුද්ධිමත් නිර්මාණශීලී දියණියන් කාර්යක්ෂම කළමනාකරණයක් තුළින් රටේ තිරසර සංවර්ධනය උදෙසා දායක කරවීම