- පාසල ආරම්භ වීමට නියමිත වේලාවට පෙර සෑම ශිෂ්‍යාවක්ම නිල ඇඳුමෙන් සැරසී පාසලට පැමිණිය යුතුය. දිනපතා පාසලට පැමිණීම අත්‍යාවශ්‍යය.
- පාසලට නොපැමිණි දිනයක ඊට හේතු වාර්තා පොතේ දෙමාපියන් ලවා සටහන් කරවාගෙන පන්තිභාර ගුරුතුමියට ඉදිරිපත් කළ යුතුයි.
- දින දෙකක් හෝ ට වැඩි කාලයක් නොපැමිණියහොත් වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුය.
- බෝවන රෝගයකින් පෙළෙන විට ඒ බව පාසලට දන්වා නියමිත කාලසීමාවෙන් පසුව වෛද්‍ය සහතිකයක් රැගෙන පැමිණිය යුතුය.
- නිතර ප්‍රමාද වී පැමිණෙන ශිෂ්‍යාවන්ට දඬුවම් විඳීමට සිදුවේ.
- පෞද්ගලික ගමන් හා වෙනත් උත්සව ආදියට සහභාගි වීමට පාසල් දින යොදා නොගත යුතුයි.
- පාසලට පැමිණෙන විට සම්පූර්ණ නිල ඇඳුමෙන් පැමිණිය යුතුය. නිල ඇඳුම සම්බන්ධයෙන් ඇති උපදෙස් මාලාව තරයේ පිළිපැදිය යුතුය.
- තමාගේ ඇඳුම් පැළඳුම් මෙන්ම පන්ති කාමරය හා අවට පරිසරයද විත්‍ර තබා ගැනීමට සැලකිලිමත් විය යුතුයි.
- පාසල් භූමිය තුළ අනවශ්‍ය කොළ රොඩු දැමීම තහනම්ය.
- නුසුදුසු චිත්‍රකතා, පුවත්පත්, සඟරා, කැසට් පට ආදිය පාසලට ගෙන ඒම හෝ කියවීම නැරඹීම තහනම්ය.
- පාසල තුළ දී පිටස්තර අය සමඟ ලිපි ගනුදෙනු කිරීම තහනම්ය.
- විදුහලට පැමිණෙන පිටස්තර අය සමග කතා කිරීම තහනම්ය.
- ශබ්ද විකාශන යන්ත්‍රයෙන් විදුහල්පතිනිය හෝ නියෝජ්‍ය විදුහල්පතිනියක් දැන්වීමක් කරන විට සියලු වැඩ නවතා නිශ්ශබ්දව ඊට ඇහුම්කම් දිය යුතුය.
- පන්ති කාමරයෙන් පිටතට යන සෑම අවස්ථාවකදීම දකුණු පසින් පේළියට නිශ්ශබ්දව ගමන් කළ යුතුය.
- විවේක කාලයේ හැරුණ විට පන්ති කාමයෙන් පිටත නිකරුණේ රැඳී සිටීම තහනම්ය.
- පාසල නිමවූ පසුව අතරමග ස්ථානවල නොරැඳී වහාම තම නිවෙස් කරා යා යුතුයි.
- පාසල් නිල ඇඳුමින් සැරසී කඩ සාප්පුවල හෝ තැන් තැන්වල ගැවසීම සම්පූර්ණයෙන් තහනම්ය.
- පාසල නිමවූ පසු හා නිවාඩු දිනවලදී පැවැත්වෙන අතිරේක පාඩම් වලට අනිවාර්යයෙන්ම සහභාගි විය යුතුය.
- වාර විභාග වලට පෙනී සිටීම අනිවාර්ය වේ.
- අ.පො.ස. (සා. පෙළ) හා ( උ. පෙළ) සෑම සිසුවියක්ම නියමිත පාසල් දිනවලින් සියයට 80% පැමිණිය යුතු අතර එසේ නොවීම විභාගයට පෙනී සිටීමට නුදුසුදුසුකමක්වේ.
- සෑම අවස්ථාවකදීම පාසලේ ගෞරවය රැකෙන අන්දමින් විනීතව හැසිරිය යුතුය.
- චිත්‍රපට, නාට්‍යවැනි දර්ශන නැරඹීමට විදුහලින් හෝ දෙමාපියන් සමඟ පමණක් යායුතුය.
- රාත්‍රී සම්භාෂණ ප්‍රදර්ශන හා තරග ආදියට විදුහල්පතිනියගේ අවසරය නොමැතිව සහභාගි වීම තහනම්ය.
- ශිෂ්‍යාවකගේ හැසිරීම නුසුදුසු බවට පැමිණිල්ල ලැබුණහොත් විනයානුකූලව දඬුවම් පමුණුවනු ලැබේ.
- විදුහලේ පහසුකම් ගාස්තු ගෙවීම නියමිත දිනයට කළ යුතුය. එම මුදල ගෙවීමට නොහැකි ශිෂ්‍යාවන් ඒ බව සහතික කරන ලිපියක් ග්‍රාමසේවක මහතාගෙන් හෝ ප්‍රාදේශීය ලේකම්තුමාගෙන් ලබාගෙන ඉදිරිපත් කළ යුතුය. අවුරුදු පතා අලුත් කළ යුතුය.
- සෑම ශිෂ්‍යාවක්ම නියමිත පරිදි ආරක්ෂක ගාස්තු ගෙවිය යුතුය.






