නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ජගත් විජේවර්ධන
සිසු දැරියන් දෙදහසකට අධික පිරිසකගේ සහ සියයකට අධික ගුරු කැලකගේ පහස ලබන වත්තේගම බාලිකා මහා විද්‍යාලය ,දුම්බර මිටියාවතේ ප්‍රධානතම බාලිකා විද්‍යාලය වන්නීය. දුම්බර දිදුලවන අභිමානවත් බාලිකා පාසල තේමාව කර ගනිමින් විධිමත් අධ්‍යාපනය මෙන්ම විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වලින් කලාප,පළාත්,හා ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගන්නා කුසලතා පිරි දැරියන් පිරිසකට, අනාගත ජීවන අරමුණු සපුරා ගැනීමට ඇස, අඩ සියවසකට අධික කාලයක් පුරා ගෞරවාන්විත මෙහෙයක් ඉටු කරන්නීය. එවන් කීර්තිමත් අතීතයක්,වර්තමානයක් ඇති විදු පියසක, අනාගත ලෝකය වෙනුවෙන් සකස් වූ වෙබ් අඩවිය වෙනුවෙන් පණිවිඩයක් ලබා දීමට හැකි වීම රාජකාරී දිවියේ ලද භාග්‍යයක් ලෙස සලකමි.
යාවත්කාලින වන මෙම විද්‍යාලයීය වෙබ් අඩවිය මගින් විද්‍යාලයීය තොරතුරු වලට අමතරව සමස්ථ ජාතියේම දරුවන් සදහා අවශ්‍ය දැනුම තොරතුරු සපයන අධ්‍යාපනික මුලාශ්‍රයක් ලෙස කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.එමෙන්ම පන්ති කාමරයේදී ලද දැනුම, ප්‍රයෝගික තලයේ ක්‍රියාත්මක කිරිම දක්වා හැකියා දියුණු කර ගත් වෙබ් අඩවියේ සංස්කාරකවරියන් වන ආදරණීය දියණියන්ගේ කැපවීම හා දක්ෂතාවය අගය කරන අතර ඔවුන්ගේ අනාගත ජීවිතය සාර්ථක වීමට සුභ පැතුම් එක් කරමි.
ජගත් විජේවර්ධන
නියෝජ්‍ය විදුහල්පති
වත්තේගම බාලිකා මහා විද්‍යාලය.






