නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
D.M. කුමාරි දිසානායක
දුම්බර දිදුළවන අභිමානවත් වත්තේගම බාලිකාව දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන දිරිය දියණියන්ගෙන් සපිරුණ පාසලකි. විද්‍යාලයේ දියණියන් වාර්ෂිකව කලාප, පළාත්, මෙන්ම ජාතික මට්ටමේ විවිධ ජයග්‍රහණ රැසකට උරුමකම් කියනා අතර රට දැය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරති.
අප විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශයෙන්ද ජයග්‍රහණ ලබමින් විවිධ පාර්ශව සමඟ අදහස් හුවමාරු කර ගනිමින් මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරමි. මේ තුළින් ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි. විද්‍යාලය සමඟ සම්බන්ධ සියලු පාර්ශවයන්ට පාසල් වෙබ් අඩවිය සමඟ සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන ලෙස ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමටම හෘදයාංගම ස්තුතිය පිරිනමන අතර මෙතුළින් නව ලොව අභියෝගවලට මුහුණ දිය හැකි සමබර පෞරුෂයකින් හෙබි බුද්ධිමත්ම නිර්මාණශීලී දියණියන් රටේ තිරසාර සංවර්ධනය උදෙසා දායක කරවීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.
D.M. කුමාරි දිසානායක
නියෝජ්‍ය විදුහල්පති
වත්තේගම බාලිකා මහා විද්‍යාලය.






