විදුහල්පති පණිවිඩය
R. M. I. K. රත්නායක මිය
දුම්බර දිදුලවන අභිමානවත් බාලිකා පාසල යන දැක්ම හා නව ලොව අභියෝගවලට මුහුණ දිය හැකි සමබර පෞර්ෂයකින් හෙබි බුද්ධිමත් නිර්මාණශීලි දියණියන් කාර්යක්ෂම කළමනාකරණයක් තුලින් රටේ තිරසාර සංවර්ධනය උදෙසා දායක කරවීම යන මෙහෙවර ප්‍රකාශය මුලික කොට ගනිමින් එදා මෙදා තුර වත්තේගම කලාපයේ ප්‍රමුඛ බාලිකා පාසලක් ලෙස අප පාසල අභිමානය රදවා ගනිමින් දීප්තිමත් පාසලකි.
අප සිසු දියණියන් පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදී ශිෂ්‍යාවන්ද බොහොමයක් සමාජයට දායාද කොට හමාරය. අද වන විට නොයෙක් තැන්හි විවිධ තානාන්තර දරමින් සිය දැනුම හා කුසලතා පදනම් කර ගනිමින් ලාංකිය ප්‍රගතිය අරඹයා සිය දායකත්ව කෘතහස්ත අන්දමින් සපයනු ලබයි. එමෙන්ම ආචාරශීලි සම්පන්න මෙන්ම දැනුමෙන් සුපෝෂිත හා හසුරුකුසලතාවෙන් යුක්ත දියණියන් රටට දායාද කිරිම විද්‍යාලයීය ප්‍රමුඛ අරමුණ කරගනිමින් කටයුතු කරමින් පවතී.
නව ලොවට ගැලපෙන අන්දමින් අප පාසලද තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්විදිමින් සිටි අප විද්‍යාලය සමග සම්බන්ධ වී තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායි ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි.මේ හා සම්බන්ධ සියලු පාර්ශවයන්ට අප පාසල් වෙබ් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනා කරමි.මේ කර්තව්‍ය සාර්ථක කර ගැනිම සදහා උරදුන් සැමට මගේ හෘදයාන්ගම ස්තුතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපනය දිනෙන් දින වර්ධනය වේවායි ප්‍රර්ථනා කරමි.
R. M. I. K. රත්නායක මිය
විදුහල්පති
වත්තේගම බාලිකා මහා විද්‍යාලය .






