වත්තේගම බාලිකා මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

School Tamil Day Celebration

page-header-1900x320.jpeg
20240926_080825 1.jpg

මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවර නගරයේ සිට කිලෝමීටර් 15ක් දුරින් පිහිටි වත්තේගම නගරය මුහුදු මට්ටමේ සිට අඩි 1553 ක් හෙවත් මීටර් 478 ක්උසින් පිහිටා ඇත. අතීතයේ බටදඬු කන්ද නම් හිමි ප්‍රකටව තිබූ නකල්ස් කඳුවැටියේ නිරිත දිශාවෙන් අඩි 4963ක් උස හුන්නස්ගිරි කඳුවැටිය ආශ්‍රිතව වත්තේගම නගරය පිහිටා ඇත. නගරයට මැදිවන්න  අභිමානවත් වත්තේගම බාලිකා පාසල පිහිටා ඇත.

 

 

 

 

ක්‍රයිෂ්ට්  චර්ච් හෙවත් පසු කලෙක වත්තේගම බාලිකා විදුහල

 

History Of Wattegama’  ඉංග්‍රීසි ග්‍රන්ථයට අනුව මෙම පාසල 1870 ආරම්භ විය. ලෝරි ගැස්ටියර් පවසන අයුරින් වත්තේගම පැවති ඉංග්‍රීසි පාසල මේ බව පෙනේ. වත්තේගම නගරයේ සිට ධනවත් ඉඩම් හිමියෙකු වූ ජේ.එල් රණසිංහ ඉංග්‍රීසි ගුරු මහතා  කළ සාකච්ඡාවේදී පැවසූ පරිදි 1915 විධිමත්ව මේ විදුහල ඇරඹුණු බවයි.

 

මෙම එම විද්‍යාලය ඉදිකිරීම සඳහා අගනා බිම් කඩ පරිත්‍යාග කරන ලද්දේ හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.ජී. ප්‍රනාන්දු මැතිතුමා විසිනි. මෙම පාසල වර්ෂ 1870 දී එංගලන්ත ක්‍රිස්තියානි සභාව විසින් ආරම්භ කරන ලද්දේ ක්‍රිස්තු දේව විද්‍යාලය නමිනි. එලෙස ආරම්භ වූ මෙම විද්‍යාලයේ ආරම්භක විදුහල්පතිවරයා වූයේ ගැස්ටර් පියතුමාය. 1890 පමණ වත්තේගම යුරෝපීය වතු සංගමයේ උදව් ඇතිව, එහි ප්‍රධානින් වූ ජෝසෆ් හැලවේ ,චාල්ස් ගිබන් ,මේජර් ජේන්, ෆාදර් ගැරට්   යන අයගේ මූලිකත්වයෙන් මේ ඉංග්‍රීසි පාසල ඇරැඹූ බව ලෝරි ගැසටියර් පවසයි. එය දුම්රියපොළ අසල තිබූ අතර ඉංග්‍රීසි මාධ්‍ය සිංහල  - දෙමළ ළමුන් උගත් මිශ්‍ර විදුහලක් විය. ආරම්භයේදී නගරයේ මෙන්ම ඈත වතුවල ළමුන් පවා පැමිණ ඇත. එය එංගලන්ත සභාවට අයත් විදුහලක් විය. මුදල් අයකර උගන්වන ලදී. අබේසේකර මහතා එහි මුල් ගුරු විය. මහ පාරෙන් අසලම තිබූ සී .එම්.එස්. බාලිකා විදුහලේ අධිපති වූයේ අබේසේකර මහත්මියයි. අබේසේකර මහතාට පෙර සී.පි.අබේරත්න මහතා ඉංග්‍රීසි මිශ්‍ර පාසලේ ප්‍රධානියා විය.

 

අද වත්තේගම බාලිකා විද්‍යාලය ඇති භූමියේ  ''ක්‍රයිෂ්ට්  චර්ච්" විදුහල පිහිටුවීමට මුල්ගල තැබුවේ වත්තේගම සිටි ප්‍රසිද්ධ සුදු වැවිලිකරුවකු වූ වයිට් හැලඩේ විසින් 18.07.1923 නව ගොඩනැගිල්ලට මුල්ගල තබා ඇත. වත්තේගම දුම්රිය පොළ අසල ඇංගලිකන් හෙවත් ලංකා සභා දෙව් මැදුරේ මල්ලිකා විජේසිංහ සහෝදර තුමිය දෙව් මැදුරේ පැරැණි සටහන්වලට අනුව, එම ඇංගලිකන් පල්ලිය විසින් සිංහල - දෙමළ - මුස්ලිම් ළමුන් මිශ්‍ර ඉංග්‍රීසි මාධ්‍ය පාසල 1891 ඇරඹුණු බව කියයි. එම ඇන්ගලිකන් පල්ලිය 1991 නොවැම්බර් 16  ඒ .ජී . ගැරට් පියතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ වී ඇත. පල්ලිය අසලම පිහිටි ඉංග්‍රීසි පාසලේ මුල්ම විදුහල්පති කැම්බල් මහතා විය. ] [ උඩුරාවණ සාම විනිසුරු ජී. එච්. පී. සුමනසිංහ මහතා මේ තොරතුරු සොයා ලබා දුන්නේය .] [ වත්තේගම බාලිකාවේ දෙමහල් ගොඩනැගිල්ල ඉදිරියේ 1927 වර්ෂය කොටා ඇත. එහි ඉහළට නගින තරප්පුව අසල 1969 වර්ෂය කොටා ඇත. ] . මෙය එංගලන්ත සභාවට විදුහල යටතේ පාලනය විය.

 

වත්තේගම ක්‍රයිෂ්ට්  චර්ච් පාසල, මුල්ගම්පොල /ගැටඹේ /නාවලපිටිය යන ස්ථාන වල පිහිටා තිබුණි.  ඉංග්‍රීසි මාධ්‍යයෙන් සිංහල දෙමළ සහ ජාතීන්වලට අයත් ගැහැනු ළමයි මිශ්‍ර පාසලක් ලෙස එංගලන්ත සභාව යටතේ ක්‍රයිෂ්ට්  චර්ච් පාලනය විය. ප්‍රාථමික ළමුන්ගෙන් රුපියල් හයක්  බැගින්ද ඉන් ඉහළ පන්ති වල ළමුන්ගෙන් රුපියල් එකොළහක් බැගින්ද අය කළේය. ප්‍රාථමික පන්තිවල මාස තුනක ගාස්තුව රුපියල් දෙකක් විය. ඒ වන විට ගුරු මණ්ඩලය පහළොවක් පමණ වූහ. ඈත වතු වල ද්‍රවිඩ ළමා රැසක් මෙහි ඉංග්‍රීසීන් ඉගෙන ගත්හ. 1924 පමණ මෙහි විදුහල්පති ජී.එච්.ඒ අබේනායක පියතුමා විය. ඉන්පසු එෆ්.එම් හෙට්ටිආරච්චි, C.B.ඒකනායක, 1943 G.W.හිල්,  එච්.එච්. වීරසිංහ -1956, ජෝර්ජ් නල්ලතම්බි මෙහි විදුහල්පති ධුරය  හෙබ වූහ. නල්ලතම්බි මහතා ද්‍රවිඩ රෙපරමාදු අයෙකු වූ අතර ගම් ප්‍රදේශය මඩකලපුව විය .1963 ක්‍රයිෂ්ට්  චර්ච්   විද්‍යාලය රජයට පවරා ගන්නා ලදී.

 

 

 

 

රජයට පවරා ගැනීම /බාලිකා මහා විදුහලක් වීම

 

1963 සමගි පෙරමුණු රජය මගින් අධ්‍යාපන ඇමැති බත් -උද්දීන් මොහොමඩ් ඇමති කල පාසල් රජයට පවරා ගැනීම යටතේ මේ විදුහල රජයේ පාසලක් විය. 1968 පාසල් ප්‍රතිසංස්කරණය යටතේ 1968-01-01 සිට ක්‍රයිෂ්ට්  චර්ච් නම අහෝසි විය. එය සිංහල මාධ්‍ය බාලිකා මහා විද්‍යාලයක් විය. 1968 වර්ෂය දක්වා මිශ්‍ර පාසලක්ව පැවති මෙම විදුහල වත්තේගම බාලිකාව ලෙස  එය වෙනස් වූ අතර ප්‍රථම විදුහල්පතිනිය ලෙස  ටි.කේ ඒකනායක මහත්මියයි පත් විය. පසු කල ඇය මහනුවර උසස් බාලිකා විදුහල්පතිනිය ලෙස මාරු වී ගියාය. බාලිකා විදුහලේ දිගු කලක් මුරකරු ලෙස සේවය කළ විජයරත්නයන්ගේ මතකය අනුව ඉන් පසු පත්වූ විදුහල්පතිනියන් ඉහතින් දක්වා ඇත. විදුහලේ එකේ සිට දහතුන පංති පැවැත්වෙන අතර  උසස් පෙළ කළා සෞන්දර්ය ,වාණිජ සහ විද්‍යා පංති පැවැත්වෙයි. ශිෂ්‍යාවන්, 2048ක් සිටින අතර ගුරු මණ්ඩලය 100 සිටිති. 2011 වර්ෂ අවසානයේ හේරත් මහත්මිය විශ්‍රාම ගිය පසු R.M.I.K. රත්නායක මහත්මිය විදුහලේ වැඩේ කටයුතු ආරම්භ කරයි.

 

ආරම්භ කළ වර්ෂය

-  1870

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

-  12

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

 -  150

මුල් ගුරුතුමාගේ නම

-  අබේසිංහ මහතා

පාසලේ ආදි කතෘගේ නම

 -  L.D.ගැස්ටර් පියතුමා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

-  01

පාසලේ නම

-  වත්තේගම බාලිකා මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

 -  L.D.ගැස්ටර් පියතුමා

පාසල රජයට පවරාගත් දිනය

-  1963

පාසල පැවැත්වූ ස්ථානය

-  වත්තේගම

ප්‍රථම ශීෂ්‍යයාගේ නම

-  ඩේවිඩ් ඔගස්ටින් 

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

-  1870